JUN
28
කැලණිවැලි දුම්රිය මාර්ගය යථාතත්ත්වයට

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් ව ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
ඒ අනුව සවස් කාලයේ ධාවනය වන කාර්යාලීය දුම්රිය පෙර පරිදි ධාවනය වේ.
බොරැල්ල කෝටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක් ව තිබුණි.
මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
266 Views
Comments