හිඟන්නන්ගේ තෝතැන්නක් වී ඇති පාවෙන වෙළඳපොළ

මහජන මුදල් ඉතා විශාල ප්‍රමාණයක් වියදම් කර කොළඹ නගරය ආකර්ෂණීය ස්ථානයක් කිරීමට පසුගිය කාලයේ ඉදිකළ පාවෙන වෙළෙඳසල (FLOATING MARKET) මේ වන විට පාරිභෝගිකයන් නොගැවසෙන ස්ථානයක් සේම පාරිසරික, සමාජීය සහ සංස්කෘතික ගැටලූ රැසකටද පත්ව පවතී.
පිටකොටුව බැස්ටියන් මාවතේ සිටි වෙළෙඳුන්ගේ විරෝධය මැද එම වෙළෙඳසල් බලහත්කාරයෙන් කඩා ඉවත් කරමින් රජය ඔවුන්ට මේ පාවෙන වෙළෙඳසල් ලබා දුන්නද, මේ වනවිට එම වෙළෙඳසල් බොහොමයක් ජනතාව නොපැමිණීම නිසා වසා දමා තිබේ.
මෙම භූමිය මේවන විට හිඟන්නන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති අතර සවස් කාලයේ දී නීති විරෝධී කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ස්ථානයක් බවට පත්ව තිබේ.
මේ වන විට වසා දමා ඇති බෝට්ටු මත ජලය පිරීමෙන් මදුරු කීටයන් බෝවීම, වසා දමා ඇති කඩ ආශ්‍රිතව අපචාර ක්‍රියා සිදුවිම, හිඟන්නන් යාචයකයන් මෙන්ම රාත්‍රී කාලයට ගණිකා ජාවාරම මෙන්ම මත්ද්‍රව්‍ය පානය කරන්නන් ගැවසෙන ස්ථානයක් බවටද මේ ස්ථානය පත්ව තිබේ.
324 Views
Comments