ඉතිහාසයේ බරපතලම හෙරොයින් නඩුවක තීන්දුවට නීතිපතිවරයා හරස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

ඉතිහාසයේ බරපතලම හෙරොයින් නඩුවක තීන්දුවට නීතිපතිවරයා හරස් වෙයි

ඉතිහාසයේ බරපතලම හෙරොයින් නඩුවක තීන්දුවට නීතිපතිවරයා හරස් වෙයි

2019 වසරේ උතුරු මුහුදු තීරයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

 

එම අභියාචනය අධිකරණය වෙත යොමු කිරීම සඳහා අදාළ තීන්දුව ලබා දුන් කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බව සඳහන් වේ.

 

මෙම විත්තිකරුවන් පස්දෙනා නාවික හමුදාව මගින් 2019 වසරේ අප්‍රේල් මස 21 වන දා උතුරු මුහුදේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන් පසුගිය 06 වැනිදා නිදොස් කොට නිදහස් කළේ, එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙනි.
 

views

292 Views

Comments

arrow-up