බන්දුල ගුණවර්ධන උදව් උපකාර කළ අයට උපහාර පුදයි

“සතරාව දීපානි” උපහාර උළෙල බ්‍රහස්පතින්දා (16) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙම උපහාර උළෙල සංවිධානය කර ඇත.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද නිර්මාණ සඳහා දායක වූ කලාකරුවන් පිරිසකට උපහාර පිරිනැමීම සිදු විය. ඒ අනුව ධර්මසිරි බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල, සිරිල් වික‍්‍රමගේ වැනි ප‍්‍රවීණ කලාකරුවන්ට ඔවුන්ගේ දායකත්වය අගයමින් ජනාධිපතිතුමා අතින් සම්මාන ප‍්‍රදානය කෙරිණි. තවද මහාචාර්ය ආරියරත්න ඇතුගල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල වැනි ප්‍රවීණ කලාකරුවන් ද මෙහිදී ඇගයීමට ලක් විය.
මීට සමගාමීව බන්දුල ගුණවර්ධන මහතා විසින් සිනමාවට කළ සේවය විස්තර කෙරෙන “සුබන්දු සිනමා වත” කෘතිය එළිදැක්වීම මෙහිදී සිදු විය. උත්සවය අතරතුර දැනට තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සිසුන් සඳහා “ප්‍රඥා බන්ධු” ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇති බවද වාර්තා වේ.
230 Views
Comments