නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ගැටළු ගැන මානව හිමිකම් කොමිසමෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය විජිත නානායක්කාර මහතා පවසා සිටින්නේ තම ආයතනයේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමේදී ගැටලු පැන නැගී ඇති බවයි.
පසුගියදා කොළඹ පැවැති විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත්, සෞඛ්‍ය වැනි අංශ වල වෘත්තිකයන් සිය වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීමේ දී මහජනතාව ගැන ද සංවේදී විය යුතු බවත් ආචාර්ය විජිත නානායක්කාර මහතා පවසා සිටියේය.
සාමකාමී විරෝධතා සඳහා බාධා කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවද. ඔහු ඊයේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ය.
198 Views
Comments