පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ 2,000ක් වැටුප් ගෙවීමට නොහැකිව දොට්ට

වැටුප් ගෙවීමට නොහැකි වීමෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ තාවකාලික පත්වීම් ලබාදී තිබු 2,000කට ආසන්න පිරිසක් පසුගිය කාලය තුලදී ඉවත් කිරීමට සිදුවූ බව ජාතික උරුම, ප්‍රාසාංගික කළා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමානායක මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් විහාරස්ථාන ඇතුලු ආගමික ස්ථානවෙත බෙදාදීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ මධ්‍යම සංස්කෘතික අරමුදලට ආදායම් ලැබීම අවම වීමද මෙම තත්ත්වයට හේතුවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමානයක වැඩිදුරටත් සඳහන් කළේය.
843 Views
Comments