ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121ක් පිළිබද විමර්ශනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121ක් පිළිබද විමර්ශනයක්

ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121ක් පිළිබද විමර්ශනයක්

අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරන ලද්දේ පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇනවුම් කළ හා පවත්වාගෙන ගිය තොග පිළිබද දත්ත ලංකා ඛණිජතෙල් සංස්ථාව සමාලෝචනය කරමින් සිටින බවයි.

 

මිල සංශෝධනය කරන බවට නිවේදනය කිරීමත් සමග ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121ක් පිළිබද විමර්ශනයක් සිදු කෙරෙන බවට ද එතුමා සඳහන් කරන ලදී.

 

 

අමාත්‍යවරයා සදහන් කරන ලද්දේ ඉන්ධන පිරවුම්හල් 121ක් පසුගිය මැයි මස 27 වනදා සිට 31 වනදා දක්වා කිසිදු ඇනවුමක් ලබාදී නැති අතර තවත් බොහෝ පිරිවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇනවුම් ලබාදී නැති බව මූලික වාර්තාවලින් හදුනාගෙන ඇති බවයි.

 

 

ලංකා ඛණිජතෙල් සංස්ථාව යටතේ පවතින පිරවුම්හල් සියයට පනහක අවම තොගයක් පවත්වාගෙන යාම අවශ්‍ය වන අතර කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු අවසන් තීරණය ගන්නා බවයි සදහන් වන්නේ.

 

views

257 Views

Comments

arrow-up