නැවත වරක් විදුලි කප්පාදුව වැඩි වෙයි

දෛනික විදුලි කප්පාදුව නැවත වරක් පැය 2 විනාඩි 20 ක කාලයකට වැඩි කිරීමට කටයුතු කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.
අද (24) දින විදුලි කප්පාදුව පැය 2 කට සීමා කිරීමට කටයුතු යොදා තිබුණත් නැවත් හෙට සිට මෙලෙස විදුලි කප්පාදු පැය ගණන විනාඩි 20 කින් මෙලෙස වැඩි කොට තිබෙනවා.
උසස්පෙළ විභාගය පැවැත්වෙන මෙම කාල සීමාව තුළ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවත් මුදල් නොමැති වීම මත මෙලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරනවා.
198 Views
Comments