JAN
17
කුඹුකවත්තේ දී කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හොරණ කුඹුකවත්ත ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපොළ කුඹුකවත්ත ප්‍රදේශයේ පදිංචි 42 සහ 43 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
ලද තොරතුරුකට අනුව කුඹුකවත්ත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේ දී මහා පරිමාණයෙන් කේරළ ගංජා අලෙවි කරන පුද්ගලයෙකු සතුව තිබී කේරළ ගංජා කිලෝ 1ක් ද ඒවා මිලදී ගැනීමට පැමිණි තවත් පුද්ගලයෙකු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 200ක් ද මොරගහහේන පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
294 Views
Comments