JAN
17
වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කර තිබුණේ සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවයි.
ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 24 වනදාට පෙර ගොනුකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
241 Views
Comments