JAN
17
මෙරටින් හමු වූ ලොව විශාලම මැණිකට වුන දේ

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමු වූ ලොව විශාල ම කොරන්ඩම් මැණික් පොකුර යළිත් මෙරටට ගෙනවිත් තිබේ.
එය අලෙවි කිරීම සඳහා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට රැගෙන ගිය නමුත් එය අලෙවි කිරීමට නොහැකි වූ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ කිලෝග්‍රෑම් 510ක පමණ බරකින් යුත් මෙම මැණික් පොකුර ඇමරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වටිනා බවයි.
එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 2,000කට වඩා අධික මුදලකි.
272 Views
Comments