සාලාවේ ගෙවත්තක අලංකාරයට තබා තිබූ බර අවි උණ්ඩය පිපිරී සිසුවාට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

සාලාවේ ගෙවත්තක අලංකාරයට තබා තිබූ බර අවි උණ්ඩය පිපිරී සිසුවාට බරපතලයි

සාලාවේ ගෙවත්තක අලංකාරයට තබා තිබූ බර අවි උණ්ඩය පිපිරී සිසුවාට බරපතලයි

කොස්ගම සාලාව නගරයේ නිවසක මිදුලක තිබූ බර අවි උණ්ඩයක් පිපිරී පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

 

පෙරේදා(27) සවස 6ට පමණ කොස්ගම සාලාව නගරයේ අංක 44 දරණ නිවසේ පදිංචි ජිනෙන් සමීර අතපත්තු(15) නැමැති පාසල් ශිෂ්‍යයා මෙලෙස තුවාල ලබා තිබේ. 

 

මෙම දරුවා කළුඅග්ගල සාන්ත දොන් බොස්කෝ විදුහලේ ඉගෙනුම ලබන අතර මොහු මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී මෙම බර අවි උණ්ඩය පුපුරා ගොස් ඇතැයි පොලිසිය කියයි.

 

2016 වසරේදී සාලාව යුද හමුදා අවි ගබඩාව පුපුරා යෑමේදී අවට නිවාසවලට බර අවි උණ්ඩ පතිත වී තිබුණු අතර එලෙස පතිතවී තිබූ උණ්ඩ ගෙහිමියා විසින් මිදුලේ උද්‍යන අලංකරණයට අසුරා තිබී ඇත.

 

මෙහිදී පිපිරී තිබෙන්නේ එලෙස අසුරා තිබූ බර අවි උණ්ඩයකි.

 

තුවාල ලැබූ දරුවා මුලින්ම සාලාව රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

views

717 Views

Comments

arrow-up