පටන්ගෙන සතියයි, මීරිගම විද්‍යා පීඨයේ ගුරු සිසුවියන් පනහකට කොරෝනා

මීරිගම හා පිටිගම් අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා ආරම්භ කර ගතවූ සතිය තුළ ගුරු සිසුවියන් පනහකට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි විද්‍යාපීඨ ආරංචි මාර්ග පවසයි.
පසුගිය 15 වැනිදා විද්‍යාපීඨයේ පාඨමාලා ආරම්භ කෙරුණු අතර තෙදිනකට පෙර ගුරු සිසුවියන් දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.
ඉන්පසුව සිදුකෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලදී ගුරු සිසුවියන් 38 දෙනෙකු ආසාදිත බව හෙළිවී ඇත.
අම්පාර සිට පැමිණි ගුරු සිසුවියකගෙන් වැඩි පිරිසකට රෝගය පැතිරී ඇතැයි සැක කෙරෙන අතර තවත් අය රෝගී වූ ආකාරය අනාවරණය වී නැති බවද වාර්තා වේ.
662 Views
Comments