“බත් දුන් පියා ෂීජින් පියා” - විජිත හේරත්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

“බත් දුන් පියා ෂීජින් පියා” - විජිත හේරත්

“බත් දුන් පියා ෂීජින් පියා” - විජිත හේරත්

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සභාවේ කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේද පැවැත්විණ. 

 

විවාදයට එක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් රස මුසු කතාවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද බඩවල් අල්ලාගෙන සිනාසුණි.

 

“දැන් බලන්න මේ ආණ්ඩුව රට ගෙනිච්ච තැන. මිනිස්සුන්ට කන්න හාල් නැහැ. මේ නිසා ආණ්ඩුවට අද හාල් චීනෙන් ගේන්න සිද්ධවෙලා. මෙහෙම ගියොත් නම් වැඩි කල් යන්න කලින් මිනිස්සු කියාවි, මේ රටේ බත් දුන් පියා ෂීජින් පියා කියලා...”‍ විජිත කීවේ උපහාසාත්මක ලෙස සිනාසෙමිනි.

 

මේ අවස්ථාවේදී කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා විජිත හේරත් මන්ත්‍රීවරයාට බාධා කරමින් රටේ ආර්ථික තත්ත්වය ගැන කිසියම් විවරණයක් කිරීමට උත්සාහ දැරූ අතර කාංචනගේ ඒ උත්සාහය අවසානයේදී කට හඬ අවදි කළ විජිත හේරත් ”‍ ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න.”‍ යැයි පැවසූවේ මහ සද්දෙනි.

views

660 Views

Comments

arrow-up