JAN
22
සත්තු වත්තේ නිල් මාල ගිරවෙක් මාස 08ක් තිස්සේ අතුරුදන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටි රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනාකමකින් යුත් නිල් මාල ගිරවෙකු 2021 මැයි මස හත්වන දින සිට අතුරුදන්ව ඇතැයි සත්වෝද්‍යාන නිළධාරීන් විසින් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
2021 මැයි මස 08 වෙනි දින ආරම්භක සතියේ නිල් ගිරවුන් කූඩුව භාර ගනු ලැබූ සේවකයා විසින් නිල් මාල ගිරවෙකු අඩු බවට සත්ව උද්‍යාන භාරකරුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් තම කාර්යාලීය දෛනික වාර්තා පොතේ සටහනක් තබා මේ පිළිබඳව පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
663 Views
Comments