NOV
12
රන්ජන් රාමනායක ජාතික රෝහලට

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඊයේ(11) කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය සායනයට ඉදිරිපත් කළ ඒ මහතා,වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
683 Views
Comments