16 හැවිරිදි සිසුවා අතින් මහබාගේදී වාහන පෝළමක් යට කළ හැටි (VIDEO)

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට අදාළ දර්ශන කිහිපයක්ම මේ වන විට නිකුත්ව තිබෙනවා.
16 හැවිරිදි සිසුවෙකු විසින් පැදවූ ජීප් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව එම මාරක රිය අනතුර අද පෙරවරුවේ සිදුව තිබුණා.
මෙම ජීප් රථය මෝටර් රථයක ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී තිබූ අතර ඉන් එක් යතුරුපැදියක ගමන්ගත් 52 හැවිරිදි අයෙකු එම ස්ථානයේම මියගිය.
එසේම අනිත් යතුරුපැදියේ ආ තැනැත්තා ද බරපතළ තත්ත්වයේ පසුවන බවයි පොලිසිය සඳහන් කරන්නේය.
මෙම අනතුරෙන් පසු අදාළ 16 හැවිරිදි සිසුවා මාර්ගයේ ගමන්ගත් පිරිස් විසින් අල්ලා පොලිසියට භාරදී ඇති අතර ඔහුගේ පියා ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
බාලවයස්කාර දරුවෙකුට මෝටර් රථයක් ලබා දීමේ වරදට එම පියා ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වන්නේය.
1064 Views
Comments