නියෝජ්‍ය අගමැතිවරයාට ලිංගික හිරිහැර චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

නියෝජ්‍ය අගමැතිවරයාට ලිංගික හිරිහැර චෝදනා

නියෝජ්‍ය අගමැතිවරයාට ලිංගික හිරිහැර චෝදනා

තමාට ලිංගික හිරිහැර කළ බවට චීන ටෙනිස් ශූරියක් වන පෙන්ග් ශුආයි විසින් විශ්‍රාමික කොමියුනිස්ට් පක්ෂ නායකයෙක් ට එරෙහිව චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

 

ඇය එම චෝදනාව එල්ලකර තිබුණේ චීන සමාජ මාධ්‍ය ජාලයක් වන වෙයිබෝ හි සටහනක් තබමිනි.

 

ඇයගේ එම චෝදනාව එල්ලවී තිබුණේ චීනයේ හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙක් වන ශැන්ග් ගේඔලි ට එරෙහිව ය.

 

"ඔහු මට බලකලා ඔහු සමග ලිංගික සම්බන්දතා පැවැත්වීමට," ඇය සටහන් කළාය.

 

චීන ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකුට එරෙහිව එවැනි චෝදනාවක් එල්ල කර ඇත්තේ පළමු වරට බව සඳහන් වෙයි.

 

හිටපු නියෝජ්‍ය අගමැතිවරයා ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

 

එසේම පෙන්ග් ගැන අන්තර්ජාලය ඔස්සේ සෙවීම් කිරීම ද බාධා කර ඇත.

 

මේ වනවිට 75 හැවිරිදි වියේ පසුවන ශැන්ග් ගේඔලි 2013 සිට 2018 දක්වා චීනයේ නියෝජ්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කළේය.

 

ඔහු එරට ජනාධිපති ෂී ජින්පින්ග් ගේ සමීපතමයෙක් බව සඳහන් විය.

views

768 Views

Comments

arrow-up