වෙළෙඳපොළේ සීනි හිඟයක්

වෙළෙඳපොළේ නැවතත් සීනි හිඟයක් උද්ගතව ඇතැයි පාරිභෝගිකයින් චෝදනා කරයි.
වෙළෙඳුන් පවසන්නේ රජය පැනවූ පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බැවින් තමන් සීනි මිලදී ගැනීම අත්හිටවූ බවය.
සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් 02 වනදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය.
එහිදී ආනයනකරු විසින් අලෙවි කළයුතු සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම තොග මිල දැක්වුණේ රුපියල් 116ක් ලෙසය.
තවමත් එම මිල සීමාවන් වලංගු පසුබිමක අද දෙරණට වාර්තා වූයේ වෙළෙඳපොළේ සීනි හිඟයක් මතුවී ඇති බවය.
කොළඹින් බැහැර ප්‍රදේශවල බොහෝ වෙළෙඳසැල්වල සීනි උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කෙරෙන ආකාරයද දක්නට ලැබුණි.
733 Views
Comments