පළාත් සභා බලතලවලින් උතුරේ ජනතාවට යම් ශක්තියක් ලැබෙනවා - විග්නේෂ්වරන්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවලට ලැබෙන බලතල ඉතා අඩු මට්ටමක පැවතියත් උතුරේ ජනතාවට යම් ශක්තියක් එයින් ලැබෙන බවත්, එනිසා රජය විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කළ වහාම තමන් ද උතුරු පළාත් සභාවේ මහ ඇමැති ධුරයට තරග කරන බවත් දෙමළ ජනතා සන්ධානයේ නායක, උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා පැවැසීය.
හිටපු මහ ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (03) යාපනයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු මහ ඇමැතිවරයා මෙසේ ද කීය.
"පළාත් සභා ක්‍රමයෙන් දිවයිනේ සෙසු පළාත්වලට ද ලැබුණු දෙයක් නැති වූවත් එම පළාත්වල පිරිස් තමන්ගේ පළාතට දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය නිසා පළාත් සභා ක්‍රමයට අනුගත වූණා. පළාත් සභා ක්‍රමයෙන් එම පළාතට ලැබෙන ශක්තිය ඉතා අල්පයි. නමුත් දකුණේ පිරිස එම පළාත් සභා ක්‍රමය වැලඳ ගන්නේ තමන්ගේ පළාතට යම් දේශපාලන බලයක්, දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය නිසයි.
අපිත් මේ අවස්ථාවේදී කල්පනා කරන්නේ ඒ ශක්තිය ගන්න. මේ පළාත් සභා ක්‍රමයේ බලතල වැඩි විය යුතුයි. අපි ඉන්දීය රජයට නිරන්තරයෙන්ම කරුණු ඉදිරිපත් කරන්නේ ඒ තත්ත්වයට මේ පළාත් සභා ක්‍රමය පත් කර ගැනීමටයි. උතුරු හා නැඟෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවගේ තත්ත්වය එන්න එන්නම ශෝචනීය වෙමින් පවතිනවා. දැනටමත් නැඟෙනහිර සිංහල ජනගහනය සියයට 800කට වඩා වැඩි වී තිබෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා කනස්සල්ලට පත්වන්නේ මුස්ලිම් ජනගහනය අනෙකුත් ජාතීන්ට වඩා වැඩි නිසයි.
මෙහිදී නැඟෙනහිර මහ ඇමැතිවරයාගේ රාජකාරිය උතුරේ මහ ඇමැතිවරයාගේ රාජකාරියට වඩා වෙනස් වෙනවා. ඉතින් මම කියන්න යන දේ මුලින්ම අදාළ වෙන්නේ උතුරු පළාත් සභාවට. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවේ මහ ඇමැතිවරයා මහජන ඡන්දයෙන් පත්වන නිසා ඔහු පළාතේ පළමු පුරවැසියා වෙනවා. බලතල අඩු වුණත් ඔහුගේ තනතුරට ප්‍රමුඛත්වයක් ලැබෙනවා."
738 Views
Comments