යුගදනවි ජනතාවට වාසිදායක ව්‍යාපෘතියක්

LNG විදුලි උත්පාදනය අඩු පිරිවැය සහිත පරිසර හිතකාමි ක්‍රමයක් බැවින් යුගදනවි බලාගාරයේ සිදු වීමට නියමිත පරිවර්තනය රටේ ජනතාවට වාසිදායක සේම ආණ්ඩුවට ලාභදායි ව්‍යාපෘතියක් බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.
යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව යන්න තේමා කර ගනිමින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙරේදා (3) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු එසේ ප්‍රකාශ කළහ.
යුගදනවි ආයෝජන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමෙන් දෙස් විදෙස් කර්මාන්තකරුවන්ට අඩු පිරිවැයකින් විදුලි පරිභෝජනයට අවස්ථාව හිමි වන බව ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති නීතිඥ අතුල ද සිල්වා මහතා පැවසීය.
යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.
රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට අඩු පිරිවැය බලාගාර ඉදි කළ යුතු බවත් එසේ නොවුණහොත් විදුලි බිල ඉහළ යෑම වැළැක්විය නොහැකි බවත් විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු කියා සිටිති.
අලුත් සංකල්ප, අලුත් තාක්ෂණය සමඟ අතරමැදි බලශක්ති ප්‍රභවයන්ට යා යුතු බව අනිවාර්ය සාධකයක් වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.
806 Views
Comments