SEP
25
කිඹුලන් නිසා ගඟ අහිමි මාතර මිනිස්සු

මාතර, නිල්වලා ගඟේ කිඹුල් ගහණය වර්ධනයවීම හේතුවෙන් ගඟ දෙපස ජනතාවට දැඩි තර්ජනයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
එම ජනතාව චෝදනා කරන්නේ විවිධ ප්‍රදේශවලින් අල්ලා ගන්නා කිඹුලන් නිල්වලා ගඟට මුදාහරින බවය.
මේ වනවිට කිඹුලන් ගොඩබිම ද ආක්‍රමණය කරමින් සිටින බව ඔවුන් පවසයි.
දීර්ඝ කාලයක සිට කිඹුල් ගැටලුවට විසඳුම් සොයන ජනතාවට විටින්විට විකල්ප හඳුන්වාදීමට බලධාරීන් පියවර ගෙන තිබුණත් මේ වනවිට ඒවාද ප්‍රයෝජනයක් නොමැති බව එම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසයි.
715 Views
Comments