SEP
18
හොර පාස්පෝට් හැදූ අයෙක් කටුනායකදී අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ වෙනත් පුද්ගලයෙකුට අයත් ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් සමඟ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකිකයකු වන ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණේ අද අළුයම එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් ඉතාලිය දක්වා ගමන් කිරීමට උත්සාහ ගැනීමත් සමගයි.
සැකකාර තරුණයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.
ඔහුගේ බෑගයේ සැබෑ ගුවන් බලපත්‍රයක් සහ වීසා බලපත්‍රයක් ද තිබී ඇති අතර එය සාදා තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි.
788 Views
Comments