තුල්හිරියේ සිදු වූ බස් - ලොරි අනතුර

අද (02) දිනයේ තුල්හිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගණන ඉහළගොස් තිබේ.
එම අනතුරෙන් කාන්තාවක් මියගොස් පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහලට ඉන් 03 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
වරකාපොළ රෝහලේ අනෙක් තුවාලකරුවන් ප්‍රතිකාර ලබයි.
50 හැවිරිදි ගුරුවල දොම්පේ ප්‍රදේශයේ පදිංචිකාරියක් අනතුරෙන් මියගොස් ඇත.
අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ප්‍රයිම් මූවර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී තිබූ බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස තුවාල ලබා තිබුණේ ලංගම බස්රථයේ ගමන්ගත් පුද්ගලයින්ය.
ලොරි රථයේ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන වරකාපොළ පොලීසිය විසින් සිදු කරයි.
251 Views
Comments