ජනතාවගේ දුෂ්කරතා වෙනුවෙන් සහන මල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ජනතාවගේ දුෂ්කරතා වෙනුවෙන් සහන මල්ලක්

ජනතාවගේ දුෂ්කරතා වෙනුවෙන් සහන මල්ලක්

ඊයේ (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතා අවම කරමින් කඩිනම් ජනතා සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

 

ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ, මහ කන්නයේ වී මිලදී ගැනීමටත්, දිළිඳු පවුල් ලක්ෂ 20 ක් සඳහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි දී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමටත් අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට ය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමටත් කැබිනට් මණ්ඩලයේ දී තීරණය කොට ඇති අතර මන්දපෝෂණය තුරන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ ගැබිනි මව්වරුන් සඳහා ලබා දෙන මාසික දීමනාව, ආහාර සුරක්ෂිතාව නොමැති පවුල් සඳහා ලබා දෙන මාසික දීමනාව අඛණ්ඩව ලබා දීමටත්, වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී, මූල්‍ය ආධාර හා සමෘද්ධි සහනාධාරය හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමටත් තීරණය වී ඇත.

 

ඊයේ (13) සවස අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි. රුපියල් බිලියන 19 ක් (කෝටි 1900 ක්) මේ වැඩපිළිවෙළ සඳහා වෙන් කිරිමට නියමිතය.

views

224 Views

Comments

arrow-up