දිඹුලාගල යළිත් ආලෝකමත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

දිඹුලාගල යළිත් ආලෝකමත් වෙයි

දිඹුලාගල යළිත් ආලෝකමත් වෙයි

දින හතකට ආසන්න කාලයක් අඳුරේ තිබු ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ඊයේ (31) සවස සිට යළිත් විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

 

රුපියල් ලක්ෂ 57 ක හිග විදුලිබිලක් පැවතීම හේතුවෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඉකුත් 24 වෙනිදා විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කර තිබුණි.

 

ඒ හේතුවෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප මහ පිරිවෙනේ සාමණේර භික්ෂුන් වහන්සේලා මෙන්ම,ගිලන් භික්ෂූන් වහන්සේලා මෙන්ම ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.

views

310 Views

Comments

arrow-up