පළාත් මට්ටමින් නව ගුරුවරු බඳවා ගැනීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

පළාත් මට්ටමින් නව ගුරුවරු බඳවා ගැනීමට පියවර

පළාත් මට්ටමින් නව ගුරුවරු බඳවා ගැනීමට පියවර

ඉදිරි සති දෙක ඇතුළත පළාත් මට්ටමින් නව ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පළාත් සභාවලට බලය දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ (අගෝ. 24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

 

විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය ඉංග්‍රීසි භාෂාව වැනි විෂයන් සඳහා වූ ගුරුවරුන් නැවත වසර 2ක් සඳහා සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.

 

 

විද්‍ය, තාක්ෂණ ඉංග්‍රීසි විෂයන් සඳහා ගුරුවරු 5,400ක් බඳවා ගැනීමට අවසර ලබා දුන් බව ත් මධ්‍යම පළාත මේ වන විට ගුරුවරු 700ක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව ත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

views

240 Views

Comments

arrow-up