මේ දවස්වල එළියට බැස්සොත් පිළිකා අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

මේ දවස්වල එළියට බැස්සොත් පිළිකා අවදානමක්

මේ දවස්වල එළියට බැස්සොත් පිළිකා අවදානමක්

පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් මේ දිනවල පෙරවරු 10.00ත් පස්වරු 02.00ත් අතර කාලයේදි එළිමහනට යාම අවදානම් බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය පවසයි.

 

එළිමහනට යාමේදී අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මගින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවත් හිරුඑළියට දැඩිව නිරාවරණයවීම නිසා පිළිකා කාරක තත්ත්වයක්ද ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

 

දිර්ඝ කාලිනව හිරු එළියට නිරාවරණය වීමේදී සම ඉක්මනින් වියපත් වන බවත් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මගින් සම වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

views

264 Views

Comments

arrow-up