ෂෙඩ් වල හිත දිනාගන්න සිනොපෙක් රුපියල් 3ක කොමිස් මුදලක් දෙන්න සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ෂෙඩ් වල හිත දිනාගන්න සිනොපෙක් රුපියල් 3ක කොමිස් මුදලක් දෙන්න සැරසෙයි

ෂෙඩ් වල හිත දිනාගන්න සිනොපෙක් රුපියල් 3ක කොමිස් මුදලක් දෙන්න සැරසෙයි

චීන සිනොපෙක් සමාගම යටතට පැවරීමට නියමිත පෞද්ගලික ඉන්ධනහල් 150න් ඉන්ධනහල් 35ක් ගිවිසුම් ගත වීමට අකමැත්ත ප්‍රකාශ කර තිබෙන නිසා මාස 3ක කාලයකට සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් තුනක විශේෂ කොමිස් මුදලක් ඉන්ධනහල් හිමියන්ට ගෙවීමට එම සමාගම තීරණය කර ඇත.

 

 

මෙරට දැනට ක්‍රියාත්මක වැඩිම අලෙවිය සහිත පෞද්ගලික ඉන්ධනහල් 150ක් චීන සිනොපෙක් සමාගමට ලබාදීමට ආණ්ඩුව එකඟ වී තිබුණත් ඇතැම් ඉන්ධන හල් හිමිකරුවන් චීන සමාගමට ඉන්ධනහල් ලබාදීමට අකමැත්ත ප්‍රකාශ කර ඇත.

 

 

එනිසා චීන සමාගම සමඟ ගිවිසුම් ගත වන ඉන්ධන හල් වලට මාස 3ක කාලයකට සෑම ලීටරයකටම රුපියල් තුනක විශේෂ කොමිස් මුදලක් ලබා දෙන බවට ඉන්ධනහල් වෙත දැනුම් දී ඇතැයි ඉන්ධනහල් හිමියෝ කියා සිටිති.

views

249 Views

Comments

arrow-up