සොත්ති උපාලිගේ පුතා නිදොස් කොට නිදහස්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිෂ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල වී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයකු නිදොස් කොට නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා පසුගිය 08 දා නියම කළේය.
මොරටුව ප්‍රදේශයේ පදිංචි අරඹගේ දොන් ප්‍රසන්න ලක්ෂිත නමැති 45 හැවිරිදි පුද්ගලයකු මෙසේ නිදොස්කොට නිදහස් කෙරිණි. නිදොස්කොට නිදහස් කෙරුණු සැකකරු අරඹගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා බවද අනාවරණය වේ.
පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් දහතුන් දෙනකු කැඳවා තිබූ නමුත්, පළමු සාක්කිකරු වන පො.ප. සමන් පත්මලාල් මහතාගේ සාක්කිය විමසීමෙන් පසුව විනිසුරුවරයා නියෝගය නිකුත් කළේය.
සැකකරු 2019 අප්‍රේල් මස 02 දින මොරටුව තුඩුවන්මුල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් තුනහමාරකට ආසන්න ප්‍රමාණයක් සහ බෙල්ජියමේ නිෂ්පාදිත ඔටෝ රිපිටර් වර්ගයේ ගිනි අවියක් සමග වැල්ලවත්ත දිසා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබූ නමුත්, හෙරොයින් මත් කුඩු වල ශුද්ධ බර ග්‍රෑම් 416 ක් බවට රස පරීක්ෂක වාර්තාවට අනුව පසුව සනාථ වී තිබේ.
258 Views
Comments