ළමා රෝග ඇදකට ළමයින් 724ක්

ළමා ජනගහණය අනුව ළමා රෝග ඇදකට ළමයින් 724ක් ද, ප්‍රසව හාා නාරිවේද ඇදකට කාන්තාවෝ 984ක් ද සිටින බව සඳහන් වේ.
අසූ හතර ලක්ෂ හැටහය දහස් හාරසිය හැට පහක් (8466465) වයස අවුරුදු 15ට අඩු ළමයින් සංඛ්‍යාව යැයි ද සමස්ත ළමා ඇඳන් සංඛ්‍යාව එකොළොස් දහස් හයසිය අනූ තුනක් (11693) යැයිද ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
එම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්ක අතර ව්‍යාප්ත ළමා ජනගහණයට සමගාමීව ඇඳන් බෙදාහැරීම කළ යුතු වුවත් රත්නපුර, කෑගල්ල, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව හා මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සඳහා ළමා රෝග ඇඳන් ප්‍රමාණවත් නොමැති බවත් ගම්පහ, කළුතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවල එය වඩාත් ගැටලු සහගත බවයි.
වාර්තාව සඳහන් කරන්නේ කාන්තා ජනගහණයට සාපේක්ෂව බෙදාහැර තිබෙන ඇඳන් සංඛ්‍යාව අනුව ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි තත්ත්වය බරපතළ බවයි.
237 Views
Comments