තවත් ඖෂධ කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

තවත් ඖෂධ කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවතට

තවත් ඖෂධ කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවතට

ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සදහා භාවිතා කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නැමති ප්‍රතිජිවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

මීට පෙර ද භාවිතයෙන් ඉවත් කර ඇති මෙම ඖෂධය තත්වයෙන් බාල බවට වෛද්‍ය සැපයුම් අංශය නිර්දේශ කිරීමත් සමග මෙම පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

ළමා රෝග ආසාදනවලදී බහුල වශයෙන් ලබා දෙන මෙම ප්‍රතිජීවක ඖෂධය දේශීය සමාගමක නිෂ්පාදනයක් වන අතර එම ඖෂධය පිළිබද වැඩිදුර පරීක්ෂණ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණාගාරයකට යොමු කළ බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

 

ඒ ආකාරයට පරීක්ෂණ සදහා යොමු කර තිබියදී මෙම සමාගම විසින් නිෂ්පාදනය කර යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ තත්ත්වයෙන් බාල බව සොයා ගැනීමත් සමග පසුගිය 15 වැනිදා භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

views

4526 Views

Comments

arrow-up