දික්වැල්ලේ ඝාතනයට යොදාගෙන තියෙන්නේ මාතර උසාවියේ තිබූ ගිනි අවියක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

දික්වැල්ලේ ඝාතනයට යොදාගෙන තියෙන්නේ මාතර උසාවියේ තිබූ ගිනි අවියක්

දික්වැල්ලේ ඝාතනයට යොදාගෙන තියෙන්නේ මාතර උසාවියේ තිබූ ගිනි අවියක්

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට භාර දී තිබූ ගිනි අවියක් දික්වැල්ල මූදුගමුව කැලයක තිබී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගනු ලැබ ඇත.

 

 

මෙම ගිනි අවිය දික්වැල්ල, බෝදරකන්ද ප්‍රදේශයේ පොල් ඉඩමකදී පසුගිය අගෝස්තු 15 වන දා ඝාතනයට ලක්වූ මාතර, උයන්වන්ත දකුණ පදිංචිව සිටි 45 හැවිරිදි මූදුගමුව ආරච්චිගේ සංජීව යන අය ඝාතනය කිරීමට යොදාගත් ටී 56 ගිනි අවිය බවට මේ වන විට හඳුනා ගෙන ඇත.

 

 

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයා ගනු ලැබූ මෙම ගිනි අවිය පිළිබඳව දීර්ඝ ලෙස කරන ලද විමර්ශනවලදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පී.ආර්. 152/9 දරන ටී 56 ගිනි අවිය බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට භාර දී තිබූ එකක් බැවින් නඩු භාණ්ඩ කාමරයෙන් පිටතට රැගෙන යාම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට අධිකරණ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

views

283 Views

Comments

arrow-up