දින 40 කට පසු ඇමර්සන් වනාන්තරයෙන් සොයා ගත් දරුවන් හතර දෙනා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

දින 40 කට පසු ඇමර්සන් වනාන්තරයෙන් සොයා ගත් දරුවන් හතර දෙනා

දින 40 කට පසු ඇමර්සන් වනාන්තරයෙන් සොයා ගත් දරුවන් හතර දෙනා

මැයි පළමු වනදා සිදු වූ ගුවන් අනතුරකින් ගුවන් අනතුරකින් අතුරුදන් වූ දරුවන් හතර දෙනෙකු දින 40 කට පසු ඇමර්සන් වනාන්තරයෙන් සොයාගෙන තිබෙනවා.

 

 

සිදු වූ ගුවන් අනතුරින් දිවි ගලවා ගත් වයස අවුරුදු 13, 09, 04 සහ අවුරුද්දක් වයසැති ළදරුවෙක් ඇමර්සන් වනාන්තරයේ කොළොම්බියාවට අයත් කොටසෙන් සොයාගෙන තිබෙනවා.

 

 

ගුවන් නියමුවන් දෙදෙනෙකු ගුවන් අනතුරෙන් මියගොස් ඇති අතර දරුවන්ගේ මව ද මිය එහිදී මිය ගොස් ඇත.

 

 

ඔවුන්ගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව සඳහන් වේ.

 

 

කොළොම්බියාවේ ජනාධිපති ගුෂ්ඨාවෝ පෙට්රෝ පවසන්නේ දින 40 කට පසු මෙම දරුවන් හමුවීම ප්‍රාතිහාර්යයක් බවයි.

 

 

ඇමර්සන් වනාන්තරයේ ආදිවාසීන් මෙම දරුවන්ට දිවි බේරා ගැනීමට උපකාර කර ඇති බව මේ වන විට හෙළිව තිබෙනවා.

 

views

193 Views

Comments

arrow-up