MAY
19
උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ

උමා ඔය ව්‍යාපෘතිය මගින් තව මාස කිහිපයකින් මෙරට විදුලිබල පද්ධතියට විදුලිය සැපයිය හැකි බව ෆරාබ් සමාගම පවසයි.
උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ෆරාබ් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අලි වකීලි මහතා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර පැවති හමුවකදී ඒ බව පවසා තිබේ.
ඒ අනුව ව්‍යාපෘතියේ පළමු අදියරේ විදුලිබල නිෂ්පාදනය එළඹෙන අගෝස්තු මාසයේදී ද දෙවැනි අදියරේ විදුලිබල නිෂ්පාදනය සැප්තැම්බර් මාසයේදී ද ආරම්භ කළ හැකි බව පවසා තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු මෙගා වොට් 120ක් ජාතික පද්ධතියට එක් කෙරේ.
272 Views
Comments