දුරකථනය කනේ තබාගෙන පාරේ ගියැයි උරණ වී තරුණයෙකුගේ කන් පෙත්ත කපා දමලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

දුරකථනය කනේ තබාගෙන පාරේ ගියැයි උරණ වී තරුණයෙකුගේ කන් පෙත්ත කපා දමලා

දුරකථනය කනේ  තබාගෙන පාරේ  ගියැයි  උරණ වී තරුණයෙකුගේ කන් පෙත්ත කපා දමලා

තියුණු ආයුධයකින් කන් පෙත්තක් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු අද (09) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසා සිටී.



මෙම තරුණයා තම ජංගම දුරකථනයට  ලද ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලයෙකු ජංගම දුරකථනය කනේ ගසාගෙන යෑමට විරෝධය පළ කරමින් ඔහුට පහරදී ජංගම දුරකථනය තිබූ කන්පෙත්ත සිය අතෙහි වූ පිහියෙන් කපා දමා ඇත.
 


තුවාල ලැබූ තරුණයා අවුරුදු  29 ක ආබාධිත තරුණයකු වන අතර කන්පෙත්ත කපා දැමීමෙන් නොනැවතුණු සැකකරු  තමන්ට අතින් පයින් පහර දුන් බව ද පවසා සිටී.
 


සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

185 Views

Comments

arrow-up