හග්ගල මාරක වංගුවේ අනතුරක්, අඩි 50ක ප්‍රපාතයකට කන්ටේනර් රථයක් පෙරළේ

ඊයේ (05) සවස 4.00ට පමණ නුවරඑළියේ සිට බදුල්ල දක්වා සහල් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් හග්ගල ප්‍රදේශයේ දී අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.
මෙම අනතුරෙන් කන්ටේනර් රථයේ රිය සහයකයා තුවාල ලබා නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසිය ප්‍රකාශ කරයි.
හග්ගල උද්භිත උද්‍යානයට පහළින් පිහිටි මෙම ලොකු වංගුවේ දී මීට පෙර අවස්ථා කිහිපයකදීම රථ වාහන අනතුරු සිදු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ එම මාර්ගයේ රථ වාහන ධාවනයට වේග සීමාවක් පනවන ලෙසයි.
මෙම අනතුරින් කන්ටේනර් රථයට හා කන්ටේනර් රථය පෙරලීමෙන් නිවසකට දැඩි අලාභ හානි සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී එම නිවසේ කිසිවෙකු සිට නොමැත.
කන්ටේනර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි.
287 Views
Comments