බිල ගෙවන්න සතියක් පමා වුණැයි පොහොට්ටු මන්ත්‍රී වීරසුමනගේ ගෙදර ලයිට් කපලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

බිල ගෙවන්න සතියක් පමා වුණැයි පොහොට්ටු මන්ත්‍රී වීරසුමනගේ ගෙදර ලයිට් කපලා

බිල ගෙවන්න සතියක් පමා වුණැයි පොහොට්ටු මන්ත්‍රී වීරසුමනගේ ගෙදර ලයිට් කපලා

ලොකු ලොක්කන් ගෙවීම පැහැර හැර ඇති රුපියල් බිලියන හතරහමාරක විදුලි බිල්පත් ගැන ක්‍රියාමාර්ග නොගෙන තමාද ඇතුළු පහළ පන්තියේ සාමාන්‍ය මිනිසුන්ගේ බිල්පත් පසුපස යමින් විදුලිබල මණ්ඩලය අසාධාරණ විදුලි කප්පාදුවක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.


මේ රටේ මේවන විට ගෙවිය යුතු හිඟ විදුලි බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන හතරහමාරක් බවත් එම රුපියල් බිලියන හතරහමාරක විදුලි බිල්පත් සාමාන්‍ය ජනතාවගේ නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.


මේවන විට විදුලි බිල්පත් ගෙවීම් නොකළ තමාගේ නිවසේ විදුලියද විදුලිබල මණ්ඩලය විසන්ධි කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

 

හෙතෙම මේ බව පැවැසූයේ මාතර පැවති ජනහමුවක් අමතමිනි.

views

264 Views

Comments

arrow-up