කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම්

කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම්

ත්‍රීරෝද රථයකින් පැමිණ රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

 

එහි දැක්වෙන්නේ නුගේගොඩ දිස්ත්‍රික් (ii) පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නිලධාරීන් සිවුදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි.

 

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ මාලබේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකි.

 

වැඩ තහනමට ලක්වූ නිලධාරීන් සිව් දෙනා අතරට පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හා පොලිස් විශේෂ කාර්යාංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළත් වේ.

 

views

266 Views

Comments

arrow-up