“ගෘහ සේවයට ගිය කතුන් 30ක් ඩුබායිවල රඳවාගෙන විකුණනවා - වධ හිංසාවලටත් ලක්කරලා”
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

“ගෘහ සේවයට ගිය කතුන් 30ක් ඩුබායිවල රඳවාගෙන විකුණනවා - වධ හිංසාවලටත් ලක්කරලා”

“ගෘහ සේවයට ගිය කතුන් 30ක් ඩුබායිවල රඳවාගෙන විකුණනවා - වධ හිංසාවලටත් ලක්කරලා”

ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග රටවලට යවන මුවාවෙන් කතුන් 30 දෙනෙකු ඩුබාහි අජ්මාල්වලහි රහසිගත නිවසක රඳවා ලිංගික හිංසන ඇතුළු කෲර වධහිංසා පමුණුවන සංවිධානාත්මක කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව හෙළිවී තිබේ.

 

විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු අමාත්‍යාංශය සහ ස්විස් සංවර්ධන නියෝජිත ආයතනයේ හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස පවතින ආරක්‍ෂිත ශ්‍රම සංක්‍රමණ බලගැන්වීමේ ප්‍රජාමූල ව්‍යාපෘතියේ මාධ්‍ය හමුවක් ගම්පොලදී පැවැති අතර එහිදී එම ව්‍යාපෘතියේ කළමනාකාර සරත් දූල්වල විසින් මෙම හෙළිකිරීම සිදුකළේය.

 

මෙරටින් ගෘහ සේවයට රැගෙන යන කාන්තාවන් විවිධ ස්ථානවල රඳවා තබාගෙන නිසි ලෙස ආහාරපානාදිය පවා නොදෙමින් ඔවුන් උපයන මුදල් ලබාගන්නා බවත් ඒ සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් පවතින බවත් ඔහු එහිදී පැවැසීය.

 

එවැනි කතුන් 30ක් ඩුබායිහි අජ්මාල් වල රහසිගත නිවසක රඳවා තබාගෙන කෲර වධ හිංසා පමුණුවමින් නිසි ලෙස ආහාර පවා නොදෙමින් ලිංගික හිරිහැර හා තාඩන පීඩන පමුණුවමින් ඔවුන් විවිධ ස්ථානවල වැඩට යවා උපයන මුදල් එම කතුන්ට ලබානොදී මෙම ජාවාරම්කාර පිරිස ලබා ගන්නා ආකාරයත් එම කාන්තාවන් විඳින පීඩනයත් වීඩියෝ හා වට්ස් ඇප් මගින් මාධ්‍යයට ලබාදෙමින් මෙම මාධ්‍ය හමුව පවත්වන ලදී.

views

253 Views

Comments

arrow-up