“විදුලි බිල වැඩි කිරීම කළ යුතුම දෙයක් ” - ඇමති කංචන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

“විදුලි බිල වැඩි කිරීම කළ යුතුම දෙයක් ” - ඇමති කංචන

“විදුලි බිල වැඩි කිරීම කළ යුතුම දෙයක් ” - ඇමති කංචන

විදුලිබිල වැඩිවීම ජනතාවට අමාරු වුවත් මණ්ඩලයේ වියදම දෙස බැලූවිට මෙය කළ යුතුම දෙයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 

ඔහු මෙලෙස පැවසුවේ විදුලිබිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

 

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට සහ පෞද්ගලික බලාගාර සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7600කට වැඩි මුදලක් ගෙවීමට ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 3100ක් බවත්  අමාත්‍යවරයා පැවසීය.

 

විදුලි බිල වැඩි කළත් අඩු ආදායම්ලාභී අයට සහන සලසා ඇතැයිද ඔහු නියා සිටියේය.

 

විදුලිබල මණ්ඩලයට කළ හැකි සමහර කටයුතු වෙනත් අංශවලට පසුගිය කාලයේදී පවරා දී තිබූ බව පැවසූ විජේසේකර මණ්ඩලයේ මාෆියාවට විරුද්ධව කටයුතු කිරීමේදී තමා තනිවූ අවස්ථා තිබෙන බවද ප්‍රකාශ කළේය.

views

285 Views

Comments

arrow-up