“ගෝල්ෆෙස් කැරලිකරුවන්ගෙන් රට බේරාගත් ජනපති ලෙස රනිල්ගේ නම රන් අකුරින් ලියැවෙනවා” - ඩී.වී. චානක

ගෝල්ෆෙස් ඊනියා කැරලිකරුවන්ගේ ක්‍රමන්ත්‍රණය පරාජය කර රට බේරාගත් ජනපති රනිල් වික්‍රමසිංහගේ නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කරයි.
වර්තමානයේ රටේ සියලු ජනතාව මුහුණු දෙන ආර්ථික අවපාතයට ප්‍රධානම හේතුව වසර 02ක් පුරා පැවති කොවිඩ් වසංගතය බව පැවසු මන්ත්‍රීවරයා, මෙම අර්බුදයෙන් ගොඩ ඒමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් 225 දෙනාම ජනාධිපතිවරයා හට සහාය දීමට පෙලගැසිම කාලීන අවශ්‍යතාවක් බවත් පැවසීය.
මේවන විට ලෝකයේ දියුණු රටවල් පවා ආහාර සහා බලශක්ති අර්බුදයකට මුහුණදි ඇති මොහොතක ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මනා සැලසුමකට අනුව මෙරට ආර්ථිකය කළමනාකරණය කරමින් රට දියුණුවේ නව මාවතක් වෙත යොමු කිරිමට සමත්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මේ බව පැවසුවේ එම පක්ෂයේ තංගල්ල, සීනිමෝදර ශාඛා සංවිධාන ප්‍රතිසංවිධාන රැස්වීම අමතමිනි.
289 Views
Comments