මම දැන් ඉන්න ගෙදරත් බිත්ති පුපුරලා, වහලවල් කැඩිලා - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

මම දැන් ඉන්න ගෙදරත් බිත්ති පුපුරලා, වහලවල් කැඩිලා - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

මම දැන් ඉන්න ගෙදරත් බිත්ති පුපුරලා, වහලවල් කැඩිලා - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පිළිතුරු දුන්නේ ය.

 

පසුගිය 9 වනදා හින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පැවසුවේ, මෛත්‍රීපාල සිරිසේනජනාධිපතිවරයාට වඩා තමන් වෙලේ , නියරේ ගිය පුද්ගලයෙකු බවයි.

 

මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කල නිවාස ප්‍රශ්නයකදී නැගිට සිටි හිටපු ජනපති වරයා ප්‍රකාශ කලේ,

 

"දැන් මම ඉන්න ගේත් එළියට හොඳට පෙනුනට , මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මට දැන් දීලා තියෙන මම සෞඛ්‍ය ඇමති කලේ හිටපු ගේ , මේ ඔක්කොම පරණ ගෙවල් දැන් එවා බිත්ති පුපුරලා කබොක් ගල්වලින් තමයි බිත්ති නග්ගලා තියෙන්නේ. වහලවල් කැඩිලා. බිත්ති කැඩිලා. මේ එළියට පේන සුඛෝපභෝගි තත්ත්වයක් එහි නෑ. මම එහෙම ගෙවල් තුනක් එකතු කරලා එහෙම ගෙදරක ඉන්නවා නම් , මම ඕනිම වෙලාවක මේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන්න ලෑස්ති. ඔප්පු කළොත් පරික්ෂණයක් කරලා”

views

924 Views

Comments

arrow-up