කටුනායකදී වැරදුණු තරුණයාගේ ඉතාලි පිම්ම

කූඨ ලෙස සකස් කළ නේවාසික වීසා බලපත්‍රයක් යොදා ගනිමින් කටාර් රාජ්‍යය දෝහා නුවර ඔස්සේ ඉතාලියට පැන යෑමට තැත් කළ ශ‍්‍රී ලාංකික තරුණයෙකු පසුගිය 02 වනදා රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
22 හැවිරිදි වියේ පසුවන මොහු හලාවත මාරවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
පසුගිය 02වන දින රාත්‍රී 09.10ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. -655 දරණ ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් ගුවන් ගමන් ප්‍රවේශ පත‍්‍රය ලබා ගැනීමට විගමන අංශය වෙත පැමිණ, එතැන රාජකාරියේ නියුතුව සිටි ආගමන විගමන නිලධාරීවරයා වෙත, ඊට අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇත.
එහිදී ලියකියවිලි අතර තිබූ ඉතාලි නේවාසික වීසා බලපත්‍රය පරීක්ෂා කළ නිලධාරියාට ඒ පිළිබඳව මතු වූ සැකය හේතුවෙන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
775 Views
Comments