දින 6ක් පුරා පවතින මහ වැස්ස නිසා ජීවිත 12ක් අහිමි වෙයි - නවතම කාලගුණ තත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

දින 6ක් පුරා පවතින මහ වැස්ස නිසා ජීවිත 12ක් අහිමි වෙයි - නවතම කාලගුණ තත්වය

දින 6ක් පුරා පවතින මහ වැස්ස නිසා ජීවිත 12ක් අහිමි වෙයි - නවතම කාලගුණ තත්වය

දින හයක් තිස්සේ දිවයිනේ දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 199කට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 12ක්, පුද්ගල අතුරුදන්වීම් 01ක් සමග පවුල් 120,534කට අයත් පුද්ගලයන් 411,707ක් ඊයේ (28) දහවල් වනවිට විපතට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

 

මරණ 12 පුත්තලම 01ක්, ත්‍රිකුණාමලය 01ක්, බදුල්ල 01ක්, අම්පාර 08ක් සහ වව්නියාව 01ක් ලෙස වාර්තා වී ඇත. අම්පාර මරණ 08 අතර ට්‍රැක්ටරයක් පෙරළීමෙන් පාසල් සිසුන් මියයෑම ද ඇතුළත්වන අතර අම්පාරේ තවත් දෙදෙනකු අතුරුදන් බව වාර්තා වී ඇත.

 

ආපදාවෙන් පුද්ගල තුවාල ලැබීම් 17ක්, පූර්ණ නිවාස හානි 95ක්, අර්ධ හානි 1,708ක් වාර්තා වී ඇත. පවුල් 18,025කට අයත් පුද්ගලයන් 61,290ක් ඥාති නිවාසවල ද, පවුල් 8,678කට අයත් පුද්ගලයන් 27,717ක් ආරක්ෂිත ස්ථාන 279ක රැඳවීමට ද පියවර ගෙන ඇත.

 

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක පවුල් 43,631ක පුද්ගලයන් 149,491ක්, මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පවුල් 18,642කට අයත් පුද්ගලයන් 61,297ක්, යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 12,970කට අයත් පුද්ගලයන් 43,682ක් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත.

 

ඊයේ පෙරවරු 6.00න් අවසන් වූ පැය 24කට කාලය තුළ මාතලේ ඇල්කඩුව ප්‍රදේශයට මිලිමීටර් 132.75ක, මහනුවර හොලිටි්‍රන්ට් ප්‍රදේශයට මිලිමීටර් 124ක්, නුවරඑළිය කොත්මලේ ප්‍රදේශයට මිලිමීටර් 122ක්, මහනුවර පුස්සැල්ල ප්‍රදේශයට මිලිමීටර් 96.75ක්, යාපනය තොල්පූරම් ප්‍රදේශයට මිලිමීටර් 91ක්, මහනුවර මුරුතලාව ප්‍රදේශයට මිලිමීටර් 78.50ක් නුවරඑළිය මිලිමීටර් 65.50ක, මුලතිව් ඇල්ලපිල්ලි ප්‍රදේශයට මිලිමීටර් 131.50ක්, මුලතිව් වැලිඔය ප්‍රදේශයට මිලිමීටර් 76.50ක් වැඩි වශයෙන් වර්ෂාපතනයන් වාර්තා වී ඇත.

 

මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බැවින්, අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මඟින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඒ අනුව, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවයි එම නිවේදනයේ දැක්වේ.

views

121 Views

Comments

arrow-up