ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් කුවේට් රජය කල ඉල්ලීම
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් කුවේට් රජය කල ඉල්ලීම

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් කුවේට් රජය කල ඉල්ලීම

කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හා විදේශිකයන්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

 

එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බව සඳහන් කර තිබේ. ද ටයිම්ස් ඔෆ් කුවේට් පුවත්පතට අනුව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සඳහන් කර ඇත්තේ ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රාජ්‍ය හා බැංකු කටයුතුවලට බාධා පනවන බවය.

 

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙසය.

 

ඒ අනුව ජීවමිතික ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් ‘Sahel’ මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ ‘Matta’ නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කාලය වෙන් කරවා ගත හැකිය.

 

එමෙන්ම ඔන්ලයින් ක්‍රමවේදයට ඇඟිලි සලකුණු ලබාදීමට සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

views

173 Views

Comments

arrow-up