මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගනී

මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයෙන් සමුගනී

අලුත්ගමගේ පරපුර දශක හතක් තිස්සේ සිදුකළ සේවාව තව දුරටත් අවශ්‍ය නැතැයි මහනුවර ජනතාව තීන්දු කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

 

ජනතා කැමැත්තට හිස නමන දේශපාලනඥයකු ලෙස තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවයි, ඔහු ප්‍රකාශ කළේ.

 

දශක තුනකට අධික කාලයක් නාවලපිටිය ප්‍රමුඛ කරගෙන තමා මහනුවර දිස්ත්‍රික්කයට උපරිම සේවයක් කළ බව ද හෙතෙම සඳහන් කරයි.

 

1993 පළාත් සභා මැතිවරණයට තරඟ කළ තමන්ට මහනුවර ජනතාව මනාප ඡන්ද 13000ක් ලබා දී අනතුරුව මහ මැතිවරණවල දී මනාප 160 000 දක්වා තමන් ඔසවා තැබූ බව ද මහින්දානන්ද අලුත්ගමගේ පෙන්වා දෙයි.

 

අද (16) මහනුවර සිය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

views

169 Views

Comments

arrow-up