නීතිවිරෝධීව එකලස් කළ තවත් ඩිෆෙන්ඩර් රථයක් පල්ලේකැලේ නිවසකින් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

නීතිවිරෝධීව එකලස් කළ තවත් ඩිෆෙන්ඩර් රථයක් පල්ලේකැලේ නිවසකින් හමුවෙයි

නීතිවිරෝධීව එකලස් කළ තවත් ඩිෆෙන්ඩර් රථයක් පල්ලේකැලේ නිවසකින් හමුවෙයි

මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

රථය පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ එය ලියාපදිංචි කර නොමැති බවත් චැසි අංකය හා එන්ජිම් අංකයද නොමැති බවය. 

 

ඒ අනුව අදාළ ඩිෆෙන්ඩර් රථය නීතිවිරෝධිව එකලස් කරන ලද්දක් බවට තහවුරු වී තිබේ.

 

නීතිවිරෝධීව සකස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එම නිවෙස් හිමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයශ්‍රී උයන පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

 

views

147 Views

Comments

arrow-up