කෝටිපති ඉංජිනේරුවාව නොඑන ගමන් යවා දේපළ ලියාගෙන - නීතිඥයෙකු ඇතුළු 2ක් මාට්ටු

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ පුද්ගලයකු ඝාතනය කර ඔහු සතු කෝටි ගණනක් වටිනා දේපළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර මගින් ලියාගත් බව කියන නීතිඥවරයකු සහ තවත් සැකකරුවකු නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් 2018 ඔක්තෝබර් 23 වැනිදා බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ සමන් විජේසිරි නමැත්තා ඉතා සූක්ෂ්ම ලෙස ඝාතනය කර ඔහුට අයත් පුත්තලම, හලාවත ලිපිනයේ පර්චස් 12.6ක්, ඉනිගොඩවෙල, හලාවත ලිපිනයේ පර්චස් 20ක්, හලාවත ආනන්ද මාවතේ පර්චස් 50ක් ව්‍යජ ඇටෝනි බලපත්‍ර මගින් ලියාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති අම්පවෙල මහතාගේ උපදෙස් මත නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල්, පොලිස් අධිකාරි සුජීව විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපති සමන් රාජකරුණා මහතාගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (03) හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
178 Views
Comments