අලු‍ත් පීසීලාව “රැග්” කළ කොස්තාපල් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

අලු‍ත් පීසීලාව “රැග්” කළ කොස්තාපල් රිමාන්ඩ්

අලු‍ත් පීසීලාව “රැග්” කළ කොස්තාපල් රිමාන්ඩ්

ආධුනික පොලිස් නිලධාරීන් තිදෙනකු නිරුවත් කර නවක වධය දුන් බව කියන තිස්සමහාරාම පොලිසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

 

තිස්සමහාරාම පොලිසියේ තනිකඩ නිල නිවාසයේ දී මෙම නවක වධය ලබාදී ඇති බව පරීක්‍ෂවලදී අනාවරණය වී ඇත.

 

චෝදනා කිහිපයක් මත සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 

සිද්ධියට මුහුණ පෑ ආධුනික කොස්තාපල්වරුන් තිදෙනා ප්‍රකාශ කර ඇත්තේ සැකකාර කොස්තාපල්වරයා සිය විරෝධය නොතකා තමන් නවක වධයට ලක්කළ බවයි.

views

143 Views

Comments

arrow-up